Windows Writer

ඔන්න අද කියන්න යන්නේ බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ගැන ,ඒ තමා  Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package  එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා .

දැන් අපි හුඟක් වෙලාවට wordpress  වල වගේ dashboard එකේ ලිපියක් ලියනකොට මල වාතයක් වෙන අවස්ථා තියෙනවා , උදාහරණයක් විදිහට එක වාතයක් තමා එකේ ලිපිය ලියන කොටසේ ඉඩ මදි (wtf)  (මට නම් මදි ඉතින් ) අනික තමා එකේ තියෙන text formatting options එහෙම හොයන්න ගියාම මල පනිනවනේ (angry)  . නමුත් windows writer  වල තියෙන වාසිය තමයි ,  Office 2007  වල වගේ බොහොම ලේසියෙන් වැඩ කටයුතු කරගැනීමට අවස්ථාව සලසල තියෙන එක 0:)  . Windows Writer වලින් අපිට බොහොම ලේසියෙන් බ්ලොග් පොස්ට් එකක් ලියල එකේ text formatting එහෙම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් , tables , pictures , hyperlinks එහෙම බොහොම ලේසියෙන් insert කරගන්න පුළුවන් .

Screenshot

Windows Writer , අපේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන විදිහට හදාගන්න කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි , ඒ අපේ බ්ලොග් එකේ web address එකයි , Username එක සහ Password එක ලබාදෙන එක විතරයි . 8)

WindowsLiveWriterWOWWindowsLiveWriter

පට්ට නේද ? මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් උනානම් comment එකක් දල යන්න හොඳේ ?.

අහ් !අමතක උනානේ , මෙන්න මෙතනින් පුළුවන් download කරගන්න .

http://explore.live.com/windows-live-writer

Creative Commons License
This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.