මොනාද මේ IP address?
ඔන්න අද කතා කරන්න යන්නේ IP address ගැන
.IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ] 0:)
IP Version 4
![]()
අපිට IP adress එක 5කට බෙදා දක්වන්න පුලුවන්.
IP Address Classes
1.CLASS A
.gif)
2.CLASS B
මෙම class එකේ IP address යොදා ගන්නේ මධ්යම හා විශාලව network එකකටය.මෙහි මුල් octal 2කම Network ID නියෝජනය කර ඉතිරි octals host id නියෝජනය කරයි. 16,384 networks හා 65,534 hosts per networkලබා ගැනීමට හැකිය
.gif)
3.CLASS C
මෙම class එකේ IP යොදා ගන්නේ කුඩා network එකකටය.මෙහි මුල් octal 3ම network id නියෝජනය කරයි. ඉතිරි octal එක host id නියෝජනය කරයි. 2,097,152 networks හා254 hosts per network ලබා ගැනීමට හැකිය
.gif)
4.CLASS D
මෙම class එකේ IP address පාවිච්චි කරන්නේ multi casting සදහාය.
5.CLASS E
මෙම Class එකේ Ip address පාවිච්චි කරන්නේ experiments සදහාය.
(ඉහත කිව්ව classes වල summary එකක් ) [ w.x.y.z=0.0.0.0]
| Class | Leading Bits |
Size of Network Number Bit field |
Size of Rest Bit field |
Number of Networks |
Addresses per Network |
Start address | End address |
|---|---|---|---|---|---|---|---|
| Class A | 0 | 8 | 24 | 128 (27) | 16,777,216 (224) | 0.0.0.0 | 127.255.255.255 |
| Class B | 10 | 16 | 16 | 16,384 (214) | 65,536 (216) | 128.0.0.0 | 191.255.255.255 |
| Class C | 110 | 24 | 8 | 2,097,152 (221) | 256 (28) | 192.0.0.0 | 223.255.255.255 |
| Class D (multicast) | 1110 | not defined | not defined | not defined | not defined | 224.0.0.0 | 239.255.255.255 |
| Class E (reserved) | 1111 | not defined | not defined | not defined | not defined | 240.0.0.0 | 255.255.255.255 |
Class Range of IP Address
- Class A 1.0.0.0 to 126.0.0.0
- Class B 128.0.0.0 to 191.255.0.0
- Class C 192.0.0.0 to 223.255.255.0
Subnet Mask
![]()
Subnet mask එකෙන් වෙන්නේ host bits එකෙන් අරගෙන subnet bit එකක් හැදීමයි.මෙම subnet එකක් හැදීමෙන් network සහ host ගනන වෙනස් කරගැනීමට පුලුවන්.. මෙසේ “/” යෙදීමෙන් subnet mask bit එක ලියා දැක්වන්න පුලුවන්.
- උදාහරන:- 192.168.5.130/24 මෙහි 24 යනු subnet mask එකයි. මුලු බිට් 32කෙන් 24ක් Subnet bit සදහා යොදාගෙන ඇත. එම නිසා මුල් බිට්24 ම network id සදහාද ඉතුරු බිට් 8ම host id සදහාද යොදා ගෙන තිබේ.
මෙම වගුවෙන් පැහැදිලි කර තිබෙන්න එම subnet ක්‍රියවලියයි
| Dot-decimal notation | Binary form | |
|---|---|---|
| IP address | 192.168.5.130 | 11000000.10101000.00000101.10000010 |
| Subnet Mask | 255.255.255.0 | 11111111.11111111.11111111.00000000 |
| Network Portion | 192.168.5.0 | 11000000.10101000.00000101.00000000 |
| Host Portion | 0.0.0.130 | 00000000.00000000.00000000.10000010 |
Classes වල Default Subnet mask එක පහත දක්වා තිබේ
- Class A- 255.0.0.0
- Class B -255.255.0.0
- Class C- 255.255.255.0
IPv4 Private Address
හැම Class එකකම IP address පුද්ගලික පාවිච්චිය සදහා වෙන් කර දී ඇත.පහත වගුවේ ඇත්තෙ එම IP ranges ටිකයි.
| IANA-reserved private IPv4 network ranges | |||
|---|---|---|---|
| Start | End | No. of addresses | |
| 24-bit Block (/8 prefix, 1 x A) | 10.0.0.0 | 10.255.255.255 | 16,777,216 |
| 20-bit Block (/12 prefix, 16 x B) | 172.16.0.0 | 172.31.255.255 | 1,048,576 |
| 16-bit Block (/16 prefix, 256 x C) | 192.168.0.0 | 192.168.255.255 | 65,536 |
ඔන්න IP adress පාඩම අවසානයි.මං හිතනව ඔයාලට IP adress ගැන යම් කිසි අවබෝධයක් ඇති වෙන්න ඇති කියල.ඔයාලට ගැටලුවක් තියෙනවනම් මගෙන් අහන්න.. 0:) (clap)


Elakiri machan..godak sthuthiyi…very valuble
keep up da gd work machan