ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන ;) .IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ]   0:)

IP එක අපිට වර්ග දෙකකට බෙදන්න පුලුවන්. IPversion 4 (IPv4) හා IP version 6 (IPv6)   කියලයි.  අපි වැඩියෙන්ම පාවිච්චි කරන  IPv4 ගෙන කතාකරමු…

IP Version 4

IPV4 තමයි තාම ජනප්‍රියම Internet protocol එක.මොකද IPv6 එක තියෙන්නේ තාම ළදරු අවදියක.  IP address එකක byte 4ක් තියෙනවා.එක byte හදුන්වන්නේ Octal එකක් කියලයි.  Octal එකක උපරිම අගය 255 සහ අවම අගය 0 වේ.එම අගය 8බිට් (8 bit) වලින් පෙන්න්වයි. Ip addressඑකට  bit 32තිබේ. පහත පින්තුරය බලද්දි ඔයාලට මම කිව්ව එක තේරෙයි.

අපිට IP adress එක 5කට බෙදා දක්වන්න පුලුවන්.

IP Address Classes

1.CLASS A

Class A IP address එක යොදා ගන්නේ  ගොඩාක් Host තියෙන network එකකට.මුල් octalඑකNetwork ID එක නියොජනය කරන අතර ඉතිරි Octals Host ID නියොජනය කරයි.මෙම Class එක මගින් 126 networks හා 16,777,214 hosts per network ලබා දෙයි.

2.CLASS B

මෙම class  එකේ IP address යොදා ගන්නේ  මධ්යම හා විශාලව network එකකටය.මෙහි මුල් octal 2කම Network ID නියෝජනය කර  ඉතිරි  octals host id නියෝජනය කරයි. 16,384 networks හා 65,534 hosts per networkලබා ගැනීමට හැකිය

3.CLASS C

මෙම class එකේ IP යොදා ගන්නේ කුඩා network එකකටය.මෙහි මුල් octal 3ම  network id නියෝජනය කරයි. ඉතිරි octal එක host id නියෝජනය කරයි. 2,097,152 networks හා254 hosts per network ලබා  ගැනීමට හැකිය

4.CLASS D

මෙම class එකේ IP address පාවිච්චි  කරන්නේ multi casting සදහාය.

5.CLASS E

මෙම Class එකේ Ip address පාවිච්චි  කරන්නේ experiments සදහාය.

(ඉහත කිව්ව classes වල summary  එකක් ) [ w.x.y.z=0.0.0.0]

Class Leading
Bits
Size of Network
Number
Bit field
Size of Rest
Bit field
Number
of Networks
Addresses
per Network
Start address End address
Class A 0 8 24 128 (27) 16,777,216 (224) 0.0.0.0 127.255.255.255
Class B 10 16 16 16,384 (214) 65,536 (216) 128.0.0.0 191.255.255.255
Class C 110 24 8 2,097,152 (221) 256 (28) 192.0.0.0 223.255.255.255
Class D (multicast) 1110 not defined not defined not defined not defined 224.0.0.0 239.255.255.255
Class E (reserved) 1111 not defined not defined not defined not defined 240.0.0.0 255.255.255.255


Class Range of IP Address

  • Class A    1.0.0.0 to 126.0.0.0
  • Class B     128.0.0.0 to 191.255.0.0
  • Class C     192.0.0.0 to 223.255.255.0

Subnet Mask

Subnet mask එකෙන් වෙන්නේ host bits  එකෙන් අරගෙන  subnet bit එකක් හැදීමයි.මෙම  subnet එකක් හැදීමෙන්  network සහ host ගනන වෙනස් කරගැනීමට පුලුවන්.. මෙසේ “/” යෙදීමෙන් subnet mask bit එක ලියා දැක්වන්න පුලුවන්.

  • උදාහරන:- 192.168.5.130/24   මෙහි 24 යනු  subnet mask එකයි.  මුලු බිට් 32කෙන් 24ක් Subnet bit සදහා යොදාගෙන ඇත. එම නිසා මුල් බිට්24 ම network id සදහාද ඉතුරු බිට් 8ම host id  සදහාද යොදා ගෙන තිබේ.

මෙම වගුවෙන් පැහැදිලි කර තිබෙන්න එම subnet ක්‍රියවලියයි

Dot-decimal notation Binary form
IP address 192.168.5.130 11000000.10101000.00000101.10000010
Subnet Mask 255.255.255.0 11111111.11111111.11111111.00000000
Network Portion 192.168.5.0 11000000.10101000.00000101.00000000
Host Portion 0.0.0.130 00000000.00000000.00000000.10000010

Classes වල Default Subnet mask එක පහත දක්වා තිබේ

  • Class A- 255.0.0.0
  • Class B -255.255.0.0
  • Class C- 255.255.255.0

IPv4 Private Address

හැම Class එකකම IP address පුද්ගලික පාවිච්චිය සදහා වෙන් කර දී ඇත.පහත වගුවේ ඇත්තෙ එම IP ranges ටිකයි.

IANA-reserved private IPv4 network ranges
Start End No. of addresses
24-bit Block (/8 prefix, 1 x A) 10.0.0.0 10.255.255.255 16,777,216
20-bit Block (/12 prefix, 16 x B) 172.16.0.0 172.31.255.255 1,048,576
16-bit Block (/16 prefix, 256 x C) 192.168.0.0 192.168.255.255 65,536

ඔන්න  IP adress පාඩම අවසානයි.මං හිතනව ඔයාලට IP adress ගැන යම් කිසි අවබෝධයක් ඇති වෙන්න ඇති කියල.ඔයාලට ගැටලුවක් තියෙනවනම් මගෙන් අහන්න.. 0:)   (clap)