Android OS දුරකථනයට සිංහල දාගමු
ඔන්න කාලෙකින් ලිපියක් ලිව්වේ නැති හින්දා අද අලුත් දෙයක් ගැන ලියන්න හිතුනා
. මං මෙ ලිපියනෙ කතා කරන්න යන්නේ Android mobile වලට සිංහල දාගන්න ක්‍රමය ගැන. දැනට ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත Android OS එක .මාත් මේ subject එකට මාරු උනේ අලුතින් phone එකක් ගත්ත හින්දා.
දැන් අපි subject එකට බහිමුකෝ.මෙම ලිපියෙන් ඔයලාට android වල තියෙන English වලට අමතරව සිංහල fonts දාගැනීමට පුලුවන්. Browser එකේ හරි Message වල හරි කොටු කොටු වට පේන වචන මේ හින්ද සිංහලෙන්ම කියවන්න පුලුවන්. (clap) සිංහල දාගන්න පහත් ක්‍රමය අනුගමනය කරන්න (good)
1.මුලින්ම මේ සිංහල font එක මෙතනින් බාගන්න.(ඔයාලට කැමති සිංහල fint එකක් මෙ වෙනුවට දාගන්න පුලුවන්.ඒත් ගොඩාක් ගැලපෙන්නේ aKandynew font එක)
2.පසුව මේ font එක “DroidSansMono.ttf ” ලෙස rename කර SD card එකේ save කරගන්න(Folders ඇතුලට දාන්න එපා)
3.ඊට පසු Terminal Emulator ගෙන පහත් code එක ඇතුලත් කරන්න.ඔබේ දුරකථනයේ මෙම App එක නැතිනම් මෙතනින් ලබා ගන්න.(සැ.යු- Case sensitive )
su (then wait for the superuser screen and press yes) mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system chmod 4755 /system/fonts/DroidSansMono.ttf dd if=/sdcard/DroidSansMono.ttf of=/system/fonts/DroidSansMono.ttf reboot
දැන් phone එක reboot වෙයි.ඊට පස්සේ කොටුවට තිබ්බ වචන සිංහලෙන් ඔයලට කියවන්න පුලුවන් වෙයි.
screen shots ටික බලන්න.
මේ ක්‍රමය බොහෝ දුරට වැඩ කරන්නේ Android 2.2 හෝ ඊට අඩු Version වලට පමනයි.මං Gingerbread වලට මාරු උනාට පස්සේ මේ විදියට සිංහල දැම්මට වැඩ උනේ නෑ
.ඉස්සර වගේ කොටු තමයි.එකටත් දාන විදියක් හොයගත්ත ගමන්ම දන්නම්. Android ගැන කිසිම කතවක් නැතිවනේ මෙ ලිපිය එක පාරටම දැම්මේ.ඉදිරියෙදි මං ඒ ගැන සම්පුර්ණ ලිපි පල කරන්නම්.මේ ලිපියට ප්‍රතිචාරයක් දීල යන්න අමතක කරන්න එපා. ඊලග ලිපියෙන් හමුවෙමු. එතකන් ඔබට ජය!! (party)
*******PS-මෙහි “DroidSansMono.ttf “ වෙනුවට “DroidSansArabic.ttf “ යොදා font එක replace කරන්න




Wow..this is very useful post..thankyou machoo