Assassin’s Creed III ගැන සමාලෝචනයක්

assasins creed 3

අපි හිතාගෙන ඉන්නේ මීට පස්සේ අපේ Blog එකෙන් පරිගනක ක්‍රීඩා ගැනත් කතා කරන්න. ඉතින් නමෝ විතියෙන් කියල පටන් ගන්නවා ලගදි ආව හොදම RPG [Role Playing Game] එකෙන්. ඒ තමයි Assassin’s Creed කතා මාලවේ අලුත්ම එකතුව : Assassin’s Creed III [ACIII].

ඔක්කටම කලින් කියන්න ඔනේ ඔයාල මේ පරිගනක ක්‍රීඩාව ගහන්න හිතා ගෙන ඉන්නවනම් ඊට කලින් ආව ඒවත් ගහල හිටියනම් සිද්ද වෙන දේ ගැන හොද අවබෝධයක් ලැබෙනව. මොකද මේකෙ තියන කතාව බොහොම සංකීර්න සහ සිත්ගන්නාසුළු  එකක් නිසා. එහෙමත් නැත්නම් මේ IGNentertainment එකෙන් හැදුව විනාඩි හතේ වීඩියෝව බැලුවත් හොදට තේරුම් ගන්න පුලුවන්. නැතනම් මේ Wikipedia පිටුවේ Main Series පරිඡේදෙ කියෙව්වත් හරි.

ඔක්කටම කළින් පරිගනකයට දමන්න ඕන අවශතා දැනගෙන ඉන්න ඔනේනෙ. පහත දැක්වෙන්නේ පරිගනකයට අවශ්‍ය අවම සුදුසුකම්. [තොරතුරු IGN හරහා]

Supported OS: Windows Vista (SP2) / Windows 7 (SP1) / Windows 8

Processor: 2.66 GHz Intel Core2 Duo E6700 or 3.00 GHz AMD Athlon 64 X2 6000+ or better recommended

RAM: 2 GB (4 GB recommended)

Video Card: 512 MB DirectX 9.0c-compliant with Shader Model 4.0 or higher (Supported list: AMD Radeon HD 3870 / 4000 / 5000 / 6000 / 7000 series or better, NVIDIA GeForce 8600 GT / 9 / 100 / 200 / 300 / 400 / 500 / 600 series or better )

Sound Card: DirectX 9.0c-compliant (5.1 surround sound recommended)

DVD-ROM: Dual-layer drive

Hard Drive Space: 17 GB

Peripherals Supported: Windows-compatible keyboard, mouse, optional controller (Xbox 360 Controller for Windows recommended)

Multiplayer: 256 kbps or faster broadband connection

මෙපමණ කාලයකට පැමිණි Assassin’s Creed ක්‍රීඩා අතර ඉතාමත් අනර්ග මට්ටමේ පවතින් එකතුව වන්නේ ACIII ය. එය ග්‍රැෆික් අතින් ඉතා ඉහල තත්වගේ පවතින අතරම සටන් විධි වල දියුණුවක් සහ අදාල චරිත වල හැසිරීම පවා සියුම් ලෙස විස්තරාත්මකව දක්නට ලැබෙනවා. මෙම නිසා මෙය ක්‍රීඩා කරන විට අපට තවත් සමීප වන බවනම් නිසැකයි.

original

Assassins පරපුරේ නවතම සාමාජිකයා වන Connor ගෙ චරිතය පාලනය කිරීමට අපට අවස්තාව සැලසෙන අතර ඔහු රතු ඉන්දියානු සම්බවයක් සහිත පුද්ගලයෙකි. ක්‍රීඩාව ආරම්ඹ වන විටම ඔහුගේ තාත්තා වශයෙන් අපට වැඩ කිරීමට සිදුවන අතර එහිදී සිදුවන සිදුවීම වලට සබැදි කාතාවක් දිගටම පට බැදීමට අප සහය දිය යුතුව. කතාවේ පසුබිම ඇමරිකානු විප්ලවය වන අතර ඒ හා සම්බන්දව Assassins සහ Templar අතර සිදුවන හැල හැප්පීමවල මැදි වීමට ක්‍රීඩකයාට සිදුවේ.

පාසලේදී ලැබුනු ඉතිහාස පාඩම බොහොම කම්මැලි එකක් විය හැකි උනද මෙහිදී ලැබෙන සත්‍ය ඇමරිකානු ඉතිහාස  පාඩම ඉතාමත් රසබර එකකි. ක්‍රීඩාවේදී විවිද අසත්‍ය සිදුවීම් වලින් නවතම කතාවක් ගොඩ නගා තිබුනද ඇමරිකානු ඉතිහාසය ගැන ඔවුන් ලබා දෙන විස්තර ඉතාම නිවරැදි බව පෙනීයයි. ඔබට හමු වන සෑම සිදුවීමකදීම සහ ගොඩනැගිල්ලක්දී එය පිලිබද විස්තර ක්‍රීඩාවේ පවතින Animus Database එකේදී කියවිය හැකිය. එය ඉතා රසබරව ලිවිමට ක්‍රීඩාවේ නිපයුම්කරුවන් සමත්වී ඇත. එම නිසා සතුට මෙන්ම දැනුමද ලබාදීමට මෙම ක්‍රීඩාව  සමත් වී ඇත.

ප්‍රධාන කතාව පමනක් නොව අතීත ඇමෙරිකාවේ New York සහ Boston යන නගර සහ රතු ඉන්දියානුවන් වෙසෙන විශාල කැළෑ පරිසරය අත් විදිමින් විවිධ වෙනත් ක්‍රියාකාවකම් වල යෙදීමටද මෙහි නිපැයුම්කරුවන් ඉඩ සලස්සා තිබීම එතාමත් අගනේය! ACIII සමග පමණක් පැමිණි නව අංග අතරෙන් ගස්මතින් ගමන් කිරීමට ඉඩ සැලසීම සහ විවෘත ජනේල හා දොරවල් හරහා ගෙවල් තුලින් ගමන් කිර්‍රිමට ඇති හැකියාවත් ඉතාමත් කදිමය. මෙසේම පැමිණි නව අංගයන්ගෙන් මගේ ප්‍රියතම එක මුහුදු යාමට ඇති හැකියාවයි!

AssassinsCreed3_HighSeas

ඔබට යෙදීමට මුහුදු වික්‍රමයන් බොහෝ සන්ඛ්‍යාවක් තිබෙන අතර ඒ සියල්ලම ඉතාමත් සිත්ගන්නසුළු ලෙස සකසා ඇත. මේ මුහුදු වික්‍රමයන්ගේද වෙනම කතාවක් ඇති අතර ඒ සියල්ලම ඇමරිකානු විප්ලවයේ විවිධ සංධිස්තානයි. එම නිසා තමාගෙ ප්‍රයතනයෙන් ඇමරිකාව නිදහස් වූ බව ක්‍රීඩකයාට හැගෙන බව නිසැකය.

සමුවන සැම සිදුවීමක් සමගම Animus Database එක යම්කිසි ප්‍රතිශතයකින් පිරීයන අතර ඔබ ක්‍රීඩාව සම්පූර්ණකල ප්‍රතිශතය Synchronization ලෙස පෙන්නුම් කරයි. 100% Synchronization ලබා ගැනීම ඉතාමත් අපහසු කාර්යයකි. [මාත් සම්පූර්ණ කලේ 69% :D ] ඒනිසා කවුරු හරි ඕක 100% ගැහුවනම් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.

මේ සියළුම දේවල් මගින් මාගේ අවසාන නිගමනයනම් පරිගනක ක්‍රීඩා කරන සියලුදෙනාම ACIII ගහන ඔනේ කියන එකයි. වෙලා තියනවනම් Assassin’s Creed ඔක්කම ගහන්න [පලවෙනිම එකනම් ගැහුවෙ නැතත් කමක් නෑ, මොකද ඒක ගහද්දි කම්මැළි හිතෙන්න පුළුවන්].

PS: මේක මගෙ පළවෙනි Game Review එක. හොදද කියල ප්‍රතිචරෙකින් මට කියන්න :)

ජීවිතේ සරළව ගෙවන්න හැදුවට නව තාක්ෂනේටයි, Games වලටයි පොත් වලටයි මාර ආසාවක් තියෙන්නේ. ඉතින් මම ඒවත් එක්ක සතුටින් ඉන්නවා! විය්‍යුත් තැපෑල : tchanah@linkz2u.com

Latest posts by Chanaka (see all)

12 Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

CommentLuv badge