Posts by අශේන්
පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer
ඔන්න අද කියන්න යන්නේ බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ගැන ,ඒ තමා Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා .
MS DOS භාවිතයෙන් වයිරස් ප්‍රහාරයකින් බේරෙමු
හිතන්න, ඔයාගෙ PC එකේ හරි පෙන් එකේ හරි වයිරස් එකක් තියෙනව කියල,windows explore වලින් ගියොත් වයිරස් එක රන් වෙනවා, ඩොස් වලින් ඒ පාත් එකට ගිහිල්ල වයිරස් එක ඩිලීට් කරන්න පුලුවන්.ඩොස් වලින් ගියාම වයිරස් එක රන් වෙන්නෑ. අපට ඔනේ ෆයිල්ස් ටික ශේප් එකේ කොපි කරගෙන, බැරිම උනොත් ඩොස් වලින්ම ඩිස්ක් එක ෆෝමැට් කරමු.
හැබැයි DOS වලට පොඩ්ඩක් හුරු වෙන්න ඔනේ මම ඒ ගැන ගොඩක් හිතල තමා මේ කතාව ලිව්වේ.
මෙකයි, DOS නැතිනම් ඩිස්ක් ඔපෙරේටින් සිස්ටම් (disk operating system) මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලයේ (බච්චා කාලේ) මෙහෙයුම් පද්ධතියක් (OS) .පසුව, එනම් වින්ඩෝස් 95 සිට ග්‍රැෆිකල් යුසර් (GUI) ඉන්ටර්ෆේස් මාදිලියේ මෙහෙයුම් පද්ධති ඒමත් සමඟ DOS භාවිතය අභාවයට ගියේ (මැරුණෙ )එහි භාවිතා කිරීමේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙන නිසා. නමුත් අදටත් DOS සියලුම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සමඟ අප අතට පත් වනවා.ඒ අපි කවුරුත් හඳුනන( දන්නැතත් අවුලක් නැ ) කමාන්ඩ් ප්‍රොම්ට් ( Command Prompt) ලෙසයි. ( DOS කිව්වට DOS ම නෙමෙයි ). මේක ගේමක් නෑ.ඉගෙන ගත්තොත් ලොකු වැඩ කර හැකි.
Desktop Environments ගැන දන්නවාද ?

හැමෝම වගේ දන්නවනේ computer එකකින් වැඩ කරන්න. monitor එකේ ලස්සනට පේන icons , windows වලින් වැඩ කරන්න දැන් කාලෙ හැමෝම වගේ දන්නවනේ.අපි මේ විදිහට click , type කරනකොට වෙන්නේ අපි monitor එකෙන් දෙන instructions process වෙලා output එක monitor එකෙන්ම නැවත අපිට පෙන්වන එකයි . computer එකත් අපිත් අතර සම්බන්ධතාවය තියාගන්න මේ icons , windows වලට තමයි අපි user interface එකක් කියල කියන්නේ.


