වේගවත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සඳහා
- By codfx
- 25 ජනවාරි, 2013
- 8 Comments
දැන් කාලේ ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්න අමාරුයි.කස්ටිය සෑහෙනට දියුණු වෙලා නොවැ.මම දකින විදිහටනම් ඒක හොඳ ප්‍රවණතාවක්,අළුත් තාක්ෂණික උපාංග මගින් අපේ ජීවිතය සරළ කරගන්න පුලුවන්නම් ඒ තරම් දෙයක් නෑනෙ වෙන.ඒ වගේ හිතන අයට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙනවා.
ගොඩක් අය කියනවනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක වේගය අඩු වෙනවා කියලා ටිකක් කල් පාවිච්චි කරන්යද්දි.ඒකටනම් හොඳම විසදුමක් තියෙනවා.මම අද කියන්න යන්නේ ටාස්ක් මැනේජෙර් භාවිතයෙන් මග හැරී වෙනත් ආකාරයෙන් ක්‍රියාත්මක කල හැකි මෙමරි මැනේජ්මෙන්ට් ක්‍රමවේදයක් පිළිඹඳවයි.
මෙහි මුල් ලිපිය XDA හි පළවී ඇත.නමුත් ඒ විස්තර සියල්ල කෙටියෙන් ලියාතැබීම මාගේ උත්සහයයි.
හොඳයි වැඩි කතා නැතුව වැඩේට බහිමු.
මෙන්න මේවයි මූලික අවශ්‍යතා
- ඇන්ඩ්‍රොයිඩ් 2.2 හෝ ඊට ඉහළ ROOT කරපු ෆෝන් එකක්
- සුපර් චාර්ජර් ස්ටාටර් කිට්
- ස්ක්‍රිප්ට් මැනේජර්
- හරියට වැඩ කරන මොළයක්
- මුලින්ම CMW එකෙන් බැකප් එකක් දාගන්න ඕනි කෝකටත් කියලා.මොකද කොයි වෙලාවේ කෙල වෙයිද කියලා කවුද දන්නේ.
- සුපර් චාර්ජර් ස්ටාටර් කිට් එකයි සුපර් චාර්ජර් ස්ක්‍රිප්ට් එකයි මෙන්න මේ විදිහට මෙමරි කාඩ් එකට දාගන්න.

- ස්ක්‍රිප්ට් මැනේජර් එකත් ගූගල් ප්ලේ එකෙන් බාගන්න.
- Smanager විවෘත කරගෙන අපි ස්ටාටර් කිට් එක රන් කරන්න ඕනි මෙන්න මේ විදිහට
ඉන් පසු RUN විධානය ලබාදී , BusyBox,SU Binary,SQLite & ZipAlign Binaries ස්ථාපනය කරගන්න.
- එම පියවරවල් අවසන් වූ පසු V6_SuperCharger_for_Android-Update9_RC8 එක RUN කරන්න
- ඉන් පසු මෙවැනි තිරයක් දිස් වන තෙක් ලැබෙන පියවරවල් අනුගමනය කරන්න
- දැන් ඇත්තේ තම දුරකතන මාදිලියට අදාළ වූ පියවරවල් ය.
උදාහරණයක් වශයෙන් , මම භාවිතා කරන්නේ xperia Ray දුරකතනයක් නිසා අංක 6 අංගය ගැළපේ.එසේනම් යතුරු පුවරුවෙන් අංක 6 සටහන් කර එන්ටර් ප්‍රෙස් කරන්න.
තවද අංක 12,16,17,18,19,20 සහ 21 යන අංග සියලුම දුරකතන මාදිලි සඳහා ක්‍රියාත්මක වේ.
සමහර අවස්ථා වලදි විවිධ ඉඟි මෙම වැඩසටහනෙහි ක්‍රියාත්මක වේ.ඒවාද පිළිපැදීම තුළින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ වේගය වැඩි කර ගත හැක
.
Latest posts by codfx (see all)
- වේගවත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සඳහා - 25 ජනවාරි, 2013
- JoikuSpot යොදාගෙන සරළ WI-FI ජාලයක් සාදාගමු - 14 අප්‍රේල්, 2011








කෙලවීමක් වගේ පේන්න තියෙන්නෙ
හරියට කරොත් කිසි දෙයක් කෙල වෙන්නේ නෑ
අපෝ තියෙන බය
ඇන ඩ්‍රොයිඩ්..!!!
Ados la…. Meka gana more details one… Mage htc one v eka dan patta slow
wannna do this wath :o
වැඩි විස්තර සදහා මේ ලිපිය බලන්න>>> http://forum.xda-developers.com/showthread.php?t=991276
First of all I would like to say excellent blog! I had a quick question that I’d like to ask if you do not mind. I was curious to know how you center yourself and clear your head before writing. I’ve had a hard time clearing my thoughts in getting my ideas out there.
I do take pleasure in writing but it just seems like the
first 10 to 15 minutes are usually lost simply just trying to figure out how to begin.
Any ideas or tips? Many thanks!
Pyjama Bébé´s last Post ..Pyjama Bébé
Thank you very much for the compliment
In my case I think about what to write when I’m interested. May be a thought hit me at bed of while travelling. So I keep the topic in mind and simply start composing when time permits me. When started composing, idea come-out and I can’t stop writing till am finished. I have’t drafted and written an article in pieces. All is done a single breath.
May be that’s because I read books a lot. Whatsoever give it a try!