gnome desktop

හැමෝම වගේ දන්නවනේ computer එකකින් වැඩ කරන්න. monitor එකේ ලස්සනට පේන icons , windows වලින් වැඩ කරන්න දැන් කාලෙ හැමෝම වගේ දන්නවනේ.අපි මේ විදිහට click , type කරනකොට වෙන්නේ අපි monitor එකෙන් දෙන instructions process වෙලා output එක monitor එකෙන්ම නැවත අපිට පෙන්වන එකයි . computer එකත් අපිත් අතර සම්බන්ධතාවය තියාගන්න මේ  icons , windows වලට තමයි අපි user interface එකක් කියල කියන්නේ.

මේ වගේ user interface එකක් නොයෙක් විදිහට නිර්මාණය කරන්න පුළුවන් , එක එක විදිහේ icon රටා , window රටා background images  යොදාගෙන නිර්මාණය කරන user interface වලට තමයි desktop enviorenment එකක් කියල කියන්නේ. උදාහරණයක් විදිහට , windows වල පෙන්වන desktop එකේ රටාව windows desktop enviorenment   එකයි .

desktop enviorenment එකක් සාමාන්‍ය theme එකකින් වෙනස් වෙන්න නම් , එකටම ආවේණික වුනු icons , folders , windows toolbar styles තියෙන්න ඕන .

මේ වගේ desktop enviorenment ගොඩක් දැන් භාවිත කෙරෙනවා . ඒවායින් බොහොමයක් opensource  මෘදුකාංග.මේ desktop enviorenments හුඟක් නිර්මාණය වෙලා තියෙන්නේ unix , linux වගේ OS වලට වුනත් සමහරක් ඒවා windows වලත් වැඩ කරනවා .

මේ තියෙන්නේ ඒ වගේ desktop enviorenments කිහිපයක් ,,

1.GNOME

gnome desktop

www.gnome.org

2. etoile

etoile

http ://etoileos .com

3.kde

KDE
www.kde.org

4.Xfast

xfast
http ://xfast.wiki.sourceforge.net