Facebook Like button එක හදාගමුද?

අහ්…යාලුවනේ.ඔන්න කාලෙකින් පස්සේ මාත් බ්ලොග් එක පැත්තේ ආවා..ආපු හින්දම ආසවට Like button එක නිකන් ඔබලා බැලුවා.වැඩ උනේ නෑ :x .. එක එක ජාතියේ errors අවා.අරක නෑ..මේක නෑ කියලා (angry) ..පස්සේ මේක ගැන පොඩි ගූග්ල් පාරක් දාල තමයි මේ අලුත් සීන් එක හොයාගත්තේ.ඒක තමයි Like button එකට අලුත් option එකක් එකතු කරලා තියෙනවා Open Graph Protocol කියලා  .මේත් එක්ක අලුත් විශේෂාංග ගොඩක් facebook කට්ටිය ලබා දීල තියෙනවා.මේ හින්දා ඔයාලගේ blog එකකේ domain එකට Facebook Insights දීල තිබ්බොත් share කරන ලිපි ආදී දේවල් වැඩි විස්තර සමග බලාගන්න පුලුවන්(ඔබේ අඩවියටත් හදා ගැනීමට මෙතැනින් යන්න)
                                                දැන් අපි කෙලින්ම topic එකට බහිමුකො… Like button එක හදා ගන්න facebook එකේ තියන විදියට අඩවියේ ලිපි වලට වෙන වෙනම codes දාන්න එපෑයි.මං නම් වැඩිය PHP ගැනත් දන්නේ නැති හින්දා ආයෙත්  ගූග්ල පාරක් දාල බැලුවා plugin එකක් තියෙනවද කියලා.. වාසනවටද මන්දා Pritesh Gupta කියල එක්කෙනෙක් මේකට plugin එකක් හදලා තිබ්බා.කරන්න තියෙන්නේ මෙච්චරයි.. ඔයාලගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට මේ  Fix Facebook Like  plugin එක දාගෙන Config කර ගන්න එක විතරයි

.මේක දැම්ම පලියටම Like button එක වැඩ වෙන්නේ නැති වෙයි.ඔයාලගේ ලිපිවල FEATURED IMAGE එකක් තියෙන ලිපි වලට විතරයි වැඩ වෙන්නේ.. Featured image එකක් නැති Post වලට Like  කරාපුවම පස්සෙ error එකක් එයි A required meta property is missing Your page’s type requires that a meta tag of the form <meta property=”og:image” …> be present. “  කියලා..ඒ හින්දා අනිවාරයෙන්ම හැම post එකකටම Featured image එකක් දාන්න ඔනේ..මේ බ්ලොග් එකෙත් පරන ලිපි වල Like button එක වැඩ වෙන්නෙ නැති ඒ හින්දා හින්දා. ඔයාලගේ අඩවියේ ලිපිවල Like button
එක හරියටම වැඩ වෙනවද බලන්න faceebook එකෙන් ටූල් එකක් දීල තියෙනවා Debugger කියලා.ඒකට ගිහින් හරියට ලිපියේ තොරතුරු අරගෙනද කියලා බලන්න පුලුවන්.  ඔච්චරයි කරන්න තියෙන්නේ  Facebook Like button එක හදාගන්න 8) .එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු..ජය වේවා

4 Comments