පෞද්ගලික පරිගණකයේ [PC] අනාගතය
- By Chanaka
- 15 ජනවාරි, 2013
- 4 Comments
ලොව කොපමන වෙනස් වී තිබුනද ‘පරිගණකය’ යැයි යමෙකු පැවසූ විට ඔබගේ සිහියට නැගෙනේ සාමාන්‍ය පෞද්ගලික පරිගනකයයි, අපට එයට Desktop පරිගණකය යැයිද පැවසිය හැකිය. එහෙත් අපට අනාගතයේදී මෙය තව දුරට දක්නට නොලැබේවිද?
මුලින්ම Laptop පරිගණකය කරළියේ ප්‍රසිද්ද වූ විට මගේ හිතේ පැවති පළමු සිතුවිල්ල වන්නේ අනාගතයේදී මගේ ගෙදර PC නොපවතින බවයි. එහෙත් Laptop පරිගණකය සතු ඕනෑම කෙනෙක් පවසාවි තම ගෙදර තිබෙන PC එක තරම් වැඩ කිරීමට පහසු පරිගණකයක් කොහෙවත් නොමැති බවයි. ඔය මොන කතා කීවත් මං නම් ඕව විශ්වාස කලේ නෑ මටම කියල Laptop එකක් තියන දවස වෙනකන්. මට ඒ මතයට සම්පූර්ණයෙන්ම එකගවීමට මටම කියා Laptop එක ලැබීමෙන් සති කීපයකට පසු සිදු විය. PC එක යනු දාහකින් සම්පතකි!
ඒසේ නම් මෙපමණ ජනප්‍රසාදයක් හිමි PC එකට අනාගතයක් තිබෙන බවනම් ඉතාමත් පැහදිලිය. ඒ කියන්නේ ඇපල් සමාගමේ නවතම iMac පරගණකය PC එකේ අනාගතය පෙන්නුම් කරනවාද?
ඒසේ කිසිසේත්ම පැවසිය නොහැකිය. එයට හේතුව වන්නේ iMac පරිගණකයේ PC එකකට තිබිය යුතු ප්‍රධානම අංගය නොමැති බැවිනි. එයනම් තම උවමනාව අනුව අවශ්‍ය කාලයේදී පරිගණකය යාවත්කාලීන කිරීමට [Upgrade] ඇති හැකියාවයි. PC එක අනිත් සියලුම පරිගණක අතරෙන් ඉදිරියේන් සිටීමේ ප්‍රධානම හේතුව එයයි. එම නිසා PC එකෙහි අනාගතයේදීද පහසු මිලකට යාවත්කාලින කර ගැනීමේ හැකියාව පැවතීම නිසැකය. එයින් පෙනී යන්නේ ඇපල් සමාගමේ මෙම iMac පරිගනකය PC එකට කිසිසේත්ම සමාන නොවන බවත්, එය පැවතීමේ පලක්ද මට නොපෙනේ. [සමාවන්න මෙය මාගේ පෞද්ගලික මතයයි]
එසේනම් PC එක අනාගතයේ කුමන ස්වරූපයක් ගනීද?
තිර තාක්ෂ්‍යණයේ පුළුල් වීමත් සමගම තවත් තාක්ෂ්‍යණයේ අනර්ග පරිගණක තිරයන් බිහිවනු නිසැක අතර එය ඔබගේ කැමැත්තට අනුව තවත් විශාල තිර ප්‍රමාණයන්ගෙන් වෙලද පොළට පැමිණෙනු ඇත. System Unit එකෙහි ප්‍රමාණය තවත් කුඩා නොවනු ඇත. එය පවතින ප්‍රමාණය ඉතාමත් අනගි [ideal] අතර එහි පවතින hardware ගැටලු සමග වැඩ කිර්‍රිමට මෙය තවත් කුඩා විම කිසිසේත්ම රුකුලක් නොවේ.
මෙම සියළුම කරුණු අවසානයේ පෙන්නුම කරන්නේ ඔබේ ආදරණීය පෞද්ගලික පරිගණකය තවත් චිරාත් කාලයක් පරිගණක ලොව රජ කරනු ඇති අතර එහි සිදුවන එකම වෙනසකම වනු ඇත්තේ තාක්ෂ්‍යණය තවත් සිය ගුණයකින් ඉහල නැගීමයි.
Latest posts by Chanaka (see all)
- ලාරාගේ කතාව මුලසිට : Tomb Raider - 17 අප්‍රේල්, 2013
- ඇස පෙනුනත් පළදින්න, Google Glass - 25 පෙබරවාරි, 2013
- සමාජ ජාල ලෝකයේ සැබෑ වෙනස : Socl - 6 පෙබරවාරි, 2013





man nam hithanne wedi kal yaddi me thiyena pc eka nethiwei. e wenuwata tablet pc, ewage podi podi ewwa ei
Laptop ekata wada podi device ekak tab eka. Ea nisa tab ekan mahaloku wenasak karanna ba PC eke anagatheta. Lap ekata PC eka replace karanna ba kiyanne Tab ekatath ekath ba kiyana eka thama. Tab thiyenne normal MOBILE use ekata misak wadak athi wadak [api PC eke karana wada] karanna neme. Ea nisa man hithan na Tab ekakin mahaloku wenasak wen na PC eke anagatheta!
elazz
මාත් එක්ක එකග වෙනවනෙ?