WordPress හි සැගවුණු buttons ලබා ගමු

මං අද කියල දෙන්න යන්නේ wordpress හි ලිපි ලියන  tinyMCE එකේ හැංගිලා තියෙන බොත්තම් දා ගන්නේ කොහොමද කියලා.මාත් මේක දැනගත්තේ අද.ඒකයි අදම මේ ගැන දාන්න හිතුවේ.මේ නිසා ඔබට ලිපි ලියද්දී වඩාත් පහසු වේයි. (good)
මුලින්ම පහත ඇති code එක ඔයාලගේ function.php එකේ paste කරගන්න.  (function.php යන්න දන්නේ නැත්නම්, මුලින්ම theme editor යන්න.පසුව sidebar එකේ ඇති function.php කියලා පිටුවක්.එය විවෘත කරගන්න.) හැබැයි මෙය කරන්න කලින් කෝකටත් කියලා ඔයාලගේ function.php පිටුවේ copy යක් තියාගන්න.මොකක් හරි අවුලක් ගියොත් ආයේ පිටුව open කරගන්න බෑ.එතකොට ftp හරහා නැවත page එක දාගන්න පුලුවන්.

function ilc_mce_buttons($buttons){
  array_push($buttons, "backcolor");
  return $buttons;
}
add_filter("mce_buttons", "ilc_mce_buttons");

මේ code එක දාගත් පසුව ලිපි ලියන පුවරුවට ගිහින් බලන්න.අලුතෙන් button එකතු වෙලා ඇති.මේ වගේ තව විවිධ බොත්තම් එකතු කරගන්න පුලුවන්.එකතු කරගන්න පුලුවන් buttons වල පොඩි  list එකක් දෙන්නම.

  • anchor
  • backcolor
  • cleanup
  • code
  • copy
  • cut
  • fontselect
  • fontsizeselect
  • hr
  • paste
  • redo
  • styleselect
  • sub
  • sup
  • undo

මේම buttons නුත් එකතු කරගන්න ඕනේ නම් කරන්න තියෙන්න “backcolor” තියෙන තැනට ඉහත ලබා දීල තියෙන එක එකතු කරගැනීමට පමනයි.පහල code එක බලන්න.

function ilc_mce_buttons($buttons){
  array_push($buttons, "backcolor", "anchor", "hr", "fontselect", "sub", "fontsizeselect");
  return $buttons;
}
add_filter("mce_buttons", "ilc_mce_buttons");

මං මේකෙන් වැඩියෙන්ම කැමති fontsizeselect එකට .මොකද ඒකෙන් fontsizeඑක වෙනස් කරගන්න පුලුවන් හින්දා (party) .ඔයාලගේ මෙම buttons දාගත්තම පහල ඇති පින්තුරය වගේ ඔබේ ලිපි ලියනය දිස් වෙයි.

PS-මං කලින් දාල තිබ්බ “සුහද බ්ලොග් කරුවන් අතරේ අශීලාචාර බ්ලොග් කරුවෙක” ්කියන ලිපිය ඉවත් කරගත්තා .මට ප්‍රමෝදි කිව්වා එම ප්‍රශ්නය සමථයකට පත් කරගත්තා කියලා.ඒ හින්දා මම ඒ ලිපිය ඉවත් කරගත්තා. :|

5 Comments