USB Pen එකකින් පරිගණකය Boot කරමු
- By Namila Bandara
- 20 අප්‍රේල්, 2011
- 17 Comments
අලුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්ම අලුත් ලිපියක් ලියන්නයි හදන්නේ
.මේ ගැන කලින්ම ලියන්නයි හිටියේ.පොඩි පොඩි වැඩ හින්දා කල් ගියා .අපි කෙලින්ම කාරනේට බහිමුකෝ. අද පාඩමෙන් කතාකරන්න යන්නේ කොහොමද Bootable USB Drive එකක් හදාගන්නේ කියලා.Bootabale usb drive එකක් සෑදින් ගොඩාක් වාසි තියෙනවා.DVD ඉතුරු වීම,ඉක්මනින් system install වීම ආදියයි.
මේක ක්‍රම දෙකකින් කරන්න පුලුවන්. Command prompt මගින් හා මුදෘකාංග බාවිතයෙන් . මේ සියල්ලම කරන්න කලින් USB drive එක NTFS වලින් format කරන්න ඕනේ. Windows Vista,Windows 7 වල නම් කෙලින්ම NTFS format කරන්න පුලුවන්.ඒත් windows XP වල කෙලින්ම NTFS වලින් format කරන්න බෑ.ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.
a
1.මුලින්ම MY COMPUER right click කර “Device Manager” යන්න.
a
2.ඊට පසුව USB drive එක තෝරා ,properties ගොස් Policies එකේ තියෙන “Optimize for performance” option එක තෝරගන්න (විශාල කරගැනීමට රූපය මත click කරන්න)
a
3.දැන් NTFS වලින් USB Driver එක format කරන්න
Command Prompt භාවිතයෙන් Bootable USB Device සෑදීම
දැන් කරන්න තියෙන්නේ partition එකක් හදාගන්න.මේකෙත් සමහර එව්වා windows XP වල කරන්න බෑ.ඒ හින්දා windows XP usersලා මේ ක්‍රමය අනුගමනය කරන්න.
Windows XP සදහා
1.මුලින්ම MBRWizard file එක බාගෙන Desktop එකේ extract කරගන්න.පසුව CMD (Start –> Program –> Accessories –> Command Prompt) එක විවෘත කර පහත විධානය ලබා දෙන්න.
cd Desktop/MBRWiz2.0/
MBRWiz /list
a
2. දැන් ඔබේ USB drive එකේ disk number එක මතක තබාගන්න.[හොයාගන්න බැරිනම් disk size එක බලන්න
] මෙහි මගේ usb drive එකේ # එක “2″. ඊට පසුව මෙම විධානය ලබා දෙන්න. මෙහි X යනු ඔබේ disk අංකයයි
mbrwiz /disk=X /active
a
3.පසුව Y ලබා දී partition එක active කරගන්න
a
Windows Vista/Windows 7 සදහා
1.මුලින්ම Command Prompt වලට “Run as Administrator” වලින් විවෘත කරගන්න
a
2.පසුව මේ විධානයන් ලබා දෙන්න.
DISKPART and hit enter.
LIST DISK and hit enter
පහත ඇති රූපය වගේ ඔබේ පරිගණකයේ ඇති පෙන්නවයි.මෙහි ඔබේ usb disk අංකය මතක තබා ගන්න.
a
3.දැන් තියෙන්නේ drive එක format කරගන්න.ඒ සදහා පහත විධානය ලබාදෙන්න.
SELECT DISK X (Replace DISK X with your disk number)
CLEAN
CREATE PARTITION PRIMARY
SELECT PARTITION 1
ACTIVE
FORMAT FS=NTFS
(Format process may take few seconds)
ASSIGN
EXIT
Bootable USB එක සාදා ගැනීම
දැන් තියෙන්නේ boot files ටික usb pen එකට copy කරගන්න. Windows XP ,Windows 7/vista වලින් format කරපු ඔක්කොම පහත ක්‍රමය අනුගමනය කරන්න.මෙහිදී මං Bootable files ගැනීම සදහා windows 7 DVD එක භාවිතා කරා.ඔයලට කැමති boot file එකක් මේ සදහා යොදාගන්න පුලුවන්.
a
1.මුලින්ම ඔබේ windows 7 dvd එක ඇතුලු කරගන්න.මතක ඇතුව DVD driver එකේ හා USB driver එකේ driver letters මතක තබා ගන්න.[මගේ dvd driver එක F: හැටියටද usb driver එක J: හැටියටද බාවිතා කරා].නැවත CMD ගොස් මේ විධානය ලබා දෙන්න.
F:CD BOOT and hit enter. (මෙහි "F" යනු DVD drive letter එකයි.)
CD BOOT and hit enter.
BOOTSECT.EXE/NT60 J: (මෙහි "J" යනු flash drive letter එකයි.)
a
2. දැන් තියෙන්නේ Windows 7 හෝ Windows Vista filesටික එකට කරගන්න. මං මේකට copy කරේ Norton Ghost files ටික.ඔයාලට කැමති ඔනේ එකක් මේ සදහා යොදාගන්න පුලුවන්
a
3.අවසානෙට කරන්න තියෙන්නේ BIOS වලින් Boot Priority Order එක හැදිමට.මේ සදහා ඔයලගේ PC එකේ BIOS වලට log වෙලා Boot Priority Order එකේ පලමු තැනට USB HDD එක දීම පමනයි.(BIOS මව්පුවරු නිෂ්පාදකයගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා.)
a
4.දැන් තියෙන්නේ වෙනස් කරපු BIOS save කර නැවත RESTART කිරීමට පමනයි.මේ තියෙන්නේ PEN එකෙන් මං දාපු Norton Ghost boot වෙන හැටි
a
a
ඔන්න ඔච්චරයි Bootable USB එකක් හදාගන්න කරන්න තියෙන්නේ
. Software පාවිච්චි කරලා මේක කරන්න කැමති අය ඉන්නවනම් UNETBOOTINපාවිච්චි කරන්න.මේ ලිපිය Facebook හරහා කියවන්න කැමති අය ඉන්නවනම් IT සිංහලෙන් Reader app එක භාවිතා කරන්න
.තවත් අලුත් ලිපියකින් හමු වෙමු. එතකන් ජය වේවා
ප.ලි.-ගොඩාක් අය මේක කරල බලන්න බය වෙනවා pen එකට මොකක් හරි වෙයි කියලා.එත් මෙහෙම කරා කියල කිසිම දෙයක් වෙන්නේ නෑ.Format වෙලා bootfiles copy වෙන එක විතරයි වෙන්නේ
Namila Bandara
Latest posts by Namila Bandara (see all)
- iPhone 4/3GS වලට SIRI දාගමු [100% Working] - 25 පෙබරවාරි, 2012
- Facebook Like button එක හදාගමුද? - 31 අගෝස්තු, 2011
- ඉලන්දාරියාට නිවන් සුව!!!! - 20 මැයි, 2011













එලම තමා,ඔහොම කරන් පලයන් තමා weldone
නියමයි…..
ඔයාට ගොඩාක් ස්තූතියි…
මැක්ස වැඩක් මචං. එල එල දිගටම ලියපන්………………………..
ඔය තියෙන්නෙ නියම වෑඩ………………
නියමයිනේ..හරි වැදගත් ලිපියක්
maxaaaaaaaa machan,, all the best
@priyal- ස්තූතිය්
නියමයි.. මෙහෙම දේවල් දානවා නම් ඉතාමත්ම වටිනවා..
වෙන අය බොහොමයක් දාන්නේ බයිලා..
ස්තූතියි ! ගොඩක්
ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතිය්
Me Post eka hodai. berida kiyanna bootable Windows 7 DVD ekak hada ganna heti. Mage langa setup eka thiyenawa eth boot karanna be
අහ්..Bootable DVD එකක් හදද්දි නිකන් data ගහලා නීරෝ එකෙන් කරාට වැඩක් නෑ..නිරෝ එකෙ option තියෙනවා” write as bootable …” කියල
godak prayojanawath lipiyak.kamatinum maga web site akatath visit karanna.
ස්තූතියි..හැබැයි ප්‍රතිචාර දක්වනවා කියලා ස්පෑම් කරන්න එපා
ඉතාමත් වැදගත් පොස්ට් එකක්..!!
මේ වගේ පොස්ට් දානවට ගොඩක් ස්තුතියි.!!
දිගින් දිගටම මෙවන් පොස්ට් ලිවීමට ඔබට ධෛර්ය ලැබේවා..!!
Frm
UrumayaLK
මේ විදිහට xp පෙන් එකකට දාගන්න පුලුවන්ද