Windows 7 හිදී System Image එකක් සාදාගමු

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 මෙහෙයුම් පද්ධතියකින් system image එකක් හදාගන්න හැටි. windows 7 වල උපස්ථ(backup) සාදා ගැනීමේ එක් විකල්පයක් විදිහට මේ system image ක්‍රමය දැක්විය හැක.මේ ක්‍රමය නිසා ඔයාලට Ghost,True Image වගේ application භාවිතා කරන්න ඕනෙ නෑ.හරිම පහසුවෙන් ඔයාලගෙ පරිගනකයේ backup එකක් සාදාගන්න පුළුවන්.

මම දන්නවා ඔයාලගෙ පරිගනක වල වටින කියන දේවල් බොහොමයක් තියනවා කියලා..smiliesමොනවහරි හේතුවක් නිසා ඔයාගෙ පරිගනකය අක්‍රිය වුනොත් ඒ සේරම දේවල් නැති වෙලා යනවනේ.. smiliesඉතින් backup එකක් තියාගන්න එකක් කෝකටත් හොදයි නේ..system image එකක් කියන්නෙ පරිගනකයේ තියන සියලුම දේ එකම තැනකට ගබඩා කර තියාගන්න එකයි..මම නම් හිතන්නෙ system image එකක් හදා ගන්න හොදම වෙලාව ඔයාගෙ පරිගනකට ස්ථරම්ම තත්වයේ තියන වෙලාවයි.. (ඒ කියන්නෙ errors, virus නැතුව තියන කොට) එක ඉතින් ඔයාලටම තේරෙනවනේ.smilies

ඔන්න එහෙන අපි වැඩෙ පටන් ගමුකෝ….smilies

01.මුලින් ම Backup and Restore එකට යන්න. Start->Getting Started->Backup your files (Run එකේ backup and restore කියලා type කරන්නකෝ)

02.දැන් open වුන window එකේ Create a system image එක click කරන්න.. එතකොට create a system image කියලා වෙනම window එකක් open වෙයි.

03.ඔයාට දැන් තියෙන්නෙ system image එක සුරකින්න(save) ඕන තැන තේරීමයි.ඔයාට පුලුවන් system image එක hard drive එකක external hard drive එකක DVD එකක නැත්තම්   network location එකක හරි save කරන්න.ඔයාගෙ තේරීමෙන් අනතුරුව Next click කරන්න.

04.ඊලගට ඔයාට තියෙන්නෙ system image එක සාදගත යුතු drives එක select කරන්න එකයි.ඉන් පසු Next click කරන්න.(system image එකේ size එකත් එතනම පෙන්නනවා.)

05.දැන් Confirm your backup settings කියල window එකක් open වෙයි.ඒකෙ ඔයාගෙ backup එක ගැන විස්තරයක් තියනවා.ඒක නිවැරදි නම් තහවුරු කර Start Backup click කරන්න.

06.දැන් ඉතින් system image එක හැදෙනකන් බලන්න ඉන්න තමා තියෙන්නෙ.මේකට ගත වන කාලයනම් පද්ධතියෙන් පද්ධතියට වෙනස් වෙනවා.smilies

07.system image එක හැදුනට පස්සෙ ඔයාගෙන් අහයි Do you want to create a system repair disc? කියලා.system repair disc කියන්නෙ මොකක්ද කියලා එකෙම තියනවා.තහවුරු කරන්න Yes click කර system repair disc එක සුරක්ෂිත තැනක save කරන්න.

08.මෙහිදී සිදු කරන්නෙ සාදාගත් system repair image එක CD එකකට හරි DVD එකකට හරි ඇතුලු කර ගැනීමයි.ඒ සදහා හිස් CD එක හරි DVD එක හරි CD/DVD drive එකට දමා Create Disc මත click කරන්න.

09.ඔයාට system image එකයි system repair disc එකයි ප්‍රතිෂ්ඨාපනය(restore) කරන්න ඔන වුනාම System Recovery Options එකට ගිහින් අදාල විකල්පය සිදු කරන්න.

ඔයත් කරල බලලා මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් smilies ඉන්නෙ නැතුව අහන්නකෝ..smilies

Follow me @ Twitter - hasitha77

Latest posts by හසිත (see all)

14 Comments