Virtual Wi-Fi host එකක් සාදාගමු

ඉතින් කොහොමද ඔයාලට..?? smilies ගොඩක් කාලෙකට පස්සෙනේ… මේ දවස් වල ටිකක් වැඩ වැඩී… smiliesඉතින් post එකක් ලියන්නවත් වෙලාවක් තිබුනෙ නෑ… නිවාඩුවක් ලැබුනු වෙලේ පුංචි post එකක් ලියන්න හිතුනා… smilies

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 os එකක් තියන Laptop/Pc(with wifi) එකකින් virtual wifi host එකක් හදාගන්නෙ කොහොමද කියලා…

මේකට අපිට ඕන වෙන්නෙ හුරු පුරුදු command prompt එක විතරයි smilies

මම මුලින් ම කියලා ඉන්නම්කො මොකක්ද මේ virtual wifi host එකකින් වෙන්නෙ කියලා…

සාමාන්‍යයෙන් අපිට wifi host එකක් හදා ගන්න wifi router එකක් ඕන වෙනවා.. එත් මේ virtual wifi host එකක් හදාගත්තහම ඔය මුකුත් ඔන වෙන්නෙ නැ… ලේසියෙන් ම ඔයාගෙ අනික් Laptops.Pc,Mobile Phones වගෙ ඒවා network එකට සම්බන්ධ කරගන්න පුලුවන් වෙනවා.. wire මුකුත් ඕන වෙන්නෙ නැ.. smilies

ඕන් එහෙනම් අපි වැඩේ පටන් ගමුකො…. smilies

01.මුලින්ම ඔයා command prompt එක administrator(Run as administrator) එකෙන් open කරගන්න.

02.දැන් මේ command එක type කරන්න… C:\Windows\system32>netsh wlan set hostednetwork mode=allow ssid=MYWIFI key=passwrd

03.ඔය MYWIFI , passwrd කියන තැන් වලට ඔයාට කැමති එකක් දාගන්න පුලුවන්.. smilies

04. Enter press කරපුවාම ඔයාට මේවගෙ ප්‍රතිදාන(output) ටිකක් දකින්න ලැබේවි..

  • The hosted network mode has been set to allow.
  • The SSID of the hosted network has been successfully changed.
  • The user key passphrase of the hosted network has been successfully changed.

05.ඔන්න ඔච්චරයි settings හදන්න තියෙන්නෙ….smilies ඔයාට host එක start කරන්න ඕන වුනාම මේ command එක type කරන්න….. C:\Windows\system32>netsh wlan start hostednetwork

දැන් ඔයාට පුලුවන් හිතේ හැටියට ඔයාගෙ wifi host එකට devices connect කරගන්න.. smilies

මේ virtual wifi host හදාගන්න තවත් ලේසි විදියක් තියනවා… smilies ඒ තමා softwere එකක් use කරන එක…. windows 7 වල host හදන්න හොදම softwere එක connectify ලු..smilies මමත් use  කරන්නෙ ඒක තමා…smilies ඔයාලටත් බාගන්න ඕන්නම් මෙන්න link  එක..:

DOWNLOAD

Follow me @ Twitter - hasitha77

Latest posts by හසිත (see all)

9 Comments