ඔන්න අද මම කියලා දෙන්න හදන්නෙ පොඩි ජිල්මාට් වැඩක්….!! smilies

ඔයාල දන්නවනෙ PS2 games ගැන… එත් අවුල තියෙන්නෙ ඒවා ඔයාලගෙ PC එකෙ play කරන්න බැරි එකනෙ… smilies

දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ… මම කියලා දෙන්නම් කොහොම ද Ps2 games, PC එකෙන් play කරන්නෙ කියලා… smilies

මේ වැඩේ වාසිය තියෙන්නෙ PC Game එකෙ ඉල්ලන system requirements ම මේ විදියට game එක install කරපුවාම ඕන වෙන්නෙ නැති එක..

අපිට ඉතින් ඔය ලොකු ලොකු games ගහන්න PC නැති නිසා… මේ වැඩේවත් try කොරල බලමුකො smilies

එහෙනම් වැඩි කතා මොකට ද වැඩෙ පටන් ගමුකො…

01. Desktop එකෙ PS2 කියලා folder එකක් හදාගෙන මේ application එක ඒකට බාගන්න.

02. දැන් මේ application එකත් PS2 folder එකටම බාගෙන extract කරගන්න.

03. PCSX2_0.9.6_setup එක click  කරලා pics වල විදිහට කරගෙන යන්න.

04. PCSX2_0.9.6_setup එක install කරගත්ත folder එකට ගිහින්  Pcsx2 folder එක අර මුලින් හදාගත්ත PS2 folder එකට copy කරන්න.

05. ඔයා pspcsx2 0.9.6  click කරාට පස්සෙ මේ වගෙ window එකක් එයි… ok click කරන්න.

                                       Configure click කරන්න…

                                      ඔයාගෙ PC එක අනුව settings හදාගන්න

06. First Controller යටතෙ Configure click කරන්න.

07. Pad 1 tab එකට ගිහින් ඔයට ඕන විදිහට keys වල settings හදාගන්න… ඔක්කම හදල ඉවර වුනාම apply click කරන්න.

08. Set Bios Directory click  කරන්න.

                           Documents\PS2\Extras\bios මේ path එකට ගිහින් ok click කරන්න.

09. Config යටතේ තියන Speed Hacks click කරන්න.

10. වම් පැත්තෙ panel එකෙ තියන x2 Cycle Rate එකටත් දකුණු පැත්තෙ panel එකෙ තියන INTC sync Hack හා Enable IOP x2 Cycle Rate වලටත් යටම තියන Escape Hack – Use Esc key to fully exit PCSX2 එකටත් tik දාන්නකො…

ඕන් දැන්නම් ඔයාගෙ PC එක PS2 games play කරන්න ලෑස්ති…. smilies දැන් ඉතින් එහෙනම් PS2 games ටිකක් බාගන්න බලමුකො… smilies

11. අර ඔයා මුලින්ම හැදුව PS2 folder එකට ගිහින්  Games කියල තව folder එකක් ඒක ඇතුලෙම හදන්න..

12. දැන්  ps3iso.com වගෙ site එකකට ගිහින් ඔයාට කැමති game එකක් Games folder එකට බාගෙන එතනම extract කරන්න.

13. ආයෙත් PS2 emulator එකට ගිහින්  Config -> Configure යන්න.

                                                CDVD Rom යටතේ Linuz Iso CDVD 0.8.0 select කරන්න.

Configure ගිහින් Select ISO click කරන්න. ඒකෙන් බාගත්ත game files එක select කරන්න.

14. File -> Run CD/DVD click කරන්න.

ඔච්චරයි ඉතින්…. smilies දැන් ගැහුවනම්  smilies

මතක් කරල comment එකකුත් දාගෙනම යන්න…. smilies

Creative Commons License
This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.