ubuntu කියන්නෙ ලංකාවෙ වගෙම මුළු ලොකෙම ප්‍රසිද්ද operating system එකක්. එහි නවතම සංස්කරණය මෙම මාසයෙදී ubuntu 10.10 – Maverick Meerkat නමින් එලි දැක්වීමට නියමිතමය. ආරක්ෂාව අතින් ඉහල තැනක තිබෙන ubuntu 10.10 Canonical සමාගම මගින් නිකුත් කරන හොදම user friendly උබුන්ටු සංස්කරණය බවද පැවසෙනවා. එහි ඈති නව විශෙෂ අංග කීපයක් පිළිබදව මෙම ලිපියෙන් විමසා බලනවා. 8)

මෙම ලිපි ටිකත් කියවන්න

1. වේගය

Boot වෙන වේගය තත්පර 7 ක් ලෙස beta සංස්කරණයෙ ද වාර්තා වූ බව හෙලි වී ඈත.  එතරම් වේගයක් ඈති විට windows load වෙනකම් බලා ඉන්න අයත් ඉදී ද?

2. ද්‍රඩාංග භාවිතය

උබුන්ටු 10.10 සංස්කරණය පෙර සංස්කරණ මෙන්ම සෑම පරිගනකයකම වැඩ කරයි. වෙනමම drivers ම්‍රුදුකාංග install කිරීමක් අවශ්‍ය වන්නෙ නැත.

3. Ubuntu One

Ubuntu One කියන්නෙ synchronization සෙවාවකි. එමගින් ඔබගෙ ලිපි ගොනු sync කර තබා තමන්ට කැමති අවස්ථාවක දී භාවිතා කිරිමෙ හැකියාවක් ඈත. තමන්ගෙ පරිගනකයෙ සහ ජංගම දුරකතනයෙ ඈති සබදතා ගොනු ද ලිපි ගොනු ද පිංතූර ද sync කිරීමෙ හැකියාවක් ද ඈත. තමන් කැමති සිංදු සහ පරිගනක උපාංග ද මිල දී ගැනීමට අවස්ථාවක් ද ubuntu one මගින් ලබා දෙයි.

4. Windows මත වැඩ කිරීම

උබුන්ටු 10.10 සංස්කරණය මගින් Windows මතදීම වැඩ කිරීමට beta client ම්‍රුදුකාංගක් ලබා දී ඈත. එමගින් Windows වල ඈති ලිපි ගොනු ubuntu වලදී භාවිතා කිරීමට හැකියාවක් සලසා දී තිබෙ.

5. ආරක්ෂාව

Linux platform එකෙහි ඈති ආරක්ෂව පිළබද අමුතුවෙන් කතා කිරීමට අවශ්ය නැත. Windows සහ MacOS  වලට සාපෙක්ෂව  එහි ඈති ආරක්ෂාව අති ඉහලය. උබුන්ටු වලට ද යොදා ගෙන ඈත්තෙ ද Linux ය. එම නිසාම බොහොමයක් හැකර් කරුවන් ද ubuntu තම කටයුතු සදහා භාවිතා කරයි.

6. Multitouch

ඔබ උබුන්ටු Netbook Edition එක භාවිතා කලහොත් නවතම Multitouch සෙවාවෙහි අත්දැකීම් ලබා ගත හැක. එය Maverick’s Unity interface නමින් හදුන්වයි.

7. අලංකාරය

උබුන්ටු හි ඈති තවත් එක් ගුණාංගයක් වන්නෙ එහි ඈති අලංකාරයයි. නවතම Unity අතුරු මුහුනත උබුන්ටු Netbook Edition එකෙහි එක් අලංකරනයකි. උබුන්ටු වල ඈති Font Family එක තවත් කොටසකි.

8. සමාජ වාබ් අඩවි භාවිතය

උබුන්ටු හි ඈති “Me Menu” මගින් කෙලින්ම Facebook හා Twitter වලට සම්බන්ධ වීමට හැකියාව ඈත. තව ද ඔබ කැමතිම chat channels වලට සම්බන්ධ වීමට ද status update කිරීමට ද එක් Window එකක් මත සිට කිරීමට අවස්ථාව ලබා දෙය

.a

a

ඔයාලා අලුත්ම ubuntu 10.10ු එක බාගන්න කැමතිනම් මෙතනින් Download කරගන්න. 8) මෙය CD වශයෙන් ලබා ගැනීමට කැමතිනම් මෙම අඩවියට පිවිසෙන්න Get Ubuntu 10.10 .හැබැයි වැඩියෙන් cds ගෙන්වා ගන්න හදන්න එපා.එකක් විතර request කරන්න.වැඩියෙන් දැම්මොත් එවන්නේ නැති වේයි. (bad)

a

a

a

a

ScreenShots

Source-PCworld.com,ubuntu.com