අලුතෙන් කරලියට එන Windows Phone 7
ඔන්න අද කතා කරන්න යන්නේ අලුතෙන්ම කරලියට එන්න තියෙන දෙයක් ගැන.ඒක තමයි Windows Phone 7 Series OS එක. (Windows Mobile 7 එකේ Official name එක ). මේ ගැන තොරතුරු හෙලි උනේ Mobile World Congress එකේදී. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ කලින් තිබූ windows mobile os වලට වඩා හාත්පසින්ම මෙය වෙනස් නිසාය.Microsoft Zune player එකේ interface එකට මෙහි interface එක ගොඩක් දුරට සමාන වන සේ සකසා ඇත.
Touch-Friendly User Interface

මම කලින් කිව්ව වගේ මෙහි interface එක සකසා තියෙන්නේ Microsoft Zune Player හි interface එකට සමාන වන සේය. කලින් Quick Launch screen වලට වඩා Windows Phone 7 හි වෙනස් කර තිබේ. වැඩියෙන් භාවිතා කරපු applications හා වෙබ් අඩවි විශාල tiles ලෙස මෙහි පෙන්නුම් කරනු ලබයි.මෙම tiles ඔක්කොම live ය.ඒ කියන්නේ application එක හෝ web page එක වෙනස් වුන ගමන්ම මෙහි ඇති tiles ද වෙනස් වෙනවා.මෙම tiles ඔබට කැමති විදියකට වෙනස් (drag and drop) කරගැනීමට පුලුවන.තවද මෙම tiles ලොකු කිරීමෙන් (pan) එම app/web site වලට පිවිසිය හැකියි.
(පින්තූර ලොකු කරගන්න ඒ මත click කරන්න)


hhhhhhhhhhhhhhhh
Social and Productivity Hubs
මෙම windows phone 7 වල hub කියලා විශේෂාංග 3 තියෙනවා.People hub,Picture hub හා office Hub කියලා.
People Hub
People hub එකේ පෙන්වන්නේ ඔයාලගේ සියලුම සමාජ ජාල අඩවි වල අලුත් තොරතුරු, මිතුරන්ගේ තොරතුරු ආදියයි.මේවා screen 3කින් බලාගැනීමට පුලුවන.මෙම people hub මගින් ඔබගේ තොරතුරු ඉතා ඉක්මනින් හුවමාරු කරගැනීමටද ඉඩකඩ ලබා දී තිබේ


Picture Hub
Picture hub මගින් ඔබගෙ දුරකතනයේ ඇති සියලුම pictures පෙන්වයි.තවද ඔබ විවිඩ වෙබ් අඩවි වලට upload කරපු , යාලුවන් විසින් සමාජ ජාල අඩවි වල upload කර ඇති සියලුම මෙහි pictures මෙමගින් පෙන්වයි.

Office Hub
මේ hub එක මගින් ඔබගේ පරිගනකය හා phone එකේ
ඇති documents sync කරගැනීමට පුලුවන්. Office hub එකේ Onenote,word,powerpoint ආදී විවිධ office application එකතු කර තිබේ.Outlook Mail application මගින් ඔබගේ email check කිරීමට හැකියාව ලබ දී තිබේ.
Zune Player and Xbox Live

This work, unless otherwise expressly stated, is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.










Looks like Apple iPhone. However i wish this one to get popular. Not like the other Windows Phones