මෙක තමා මගෙ පළවෙනි ලිපිය.අඩු පාඩු තියෙන්න පුළුවන්, ගනන් ගන්න එපා… (bow)

මම ඉතින් Apple වලට කොහොමත් කැමති නිසා පළවෙනි ලිපියම Apple ගැන ලියන්න හිතුනා. :D

ඔයාල අහල ඇතිනෙ ipad කියලා ජාතියක්..!! අන්න එකේ අළුත්ම මාදිලිය තම මේ ipad 2 කියන්නේ.. මම දැන් ඔයාලට මේකෙ තියන වැඩ  කෑලි ටිකක් කියලා දෙන්නම්කෝ….

iPad  2 මුලින්ම ජනතාව අතරට මුදා හැරියේ මාර්තු 2 දින San Francisco වලදී.. එදා එකක් මිල දී ගන්න මිලියන ගානක් ආව කියලා තමා කියන්නේ..  smilies

iPad 2 හි දෘඩාංග ගෙන කතා කරොත්… මේකෙ Display එක අගල් 9.7, 1024 x 768 වෙනවා.මෙහි ගනකම අදහාගත නොහැකි තරම් කුඩාය.ඒ කියන්නෙ අගල් 0.34 කියලා කිවුවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්. :^) කලින් නිකුත් කල ipad එකට වඩා දිගින් ද පළලින් ද කුඩාය.මෙහි බර රාත්තල් 1.33 පමණ වේ.මෙහි ඉදිරි මතුපිට තියෙන්නේ සහ කැමරාව පමණි.වම් පස පහල කුඩා Speaker දෙකක් තියනවා (පොඩි උනාට සද්දෙ නම් පොඩි නෑ), තව වම්පස ඉහල කැමරාව ද තියනවා.මේව හෙබැයි ගන්න මාදිලිය අනුව වෙනස් වෙනවා…වම් පැත්තෙ ශබ්දය අඩු වැඩි කරන button එක සහ නිශ්ශබ්ද කරන button එක තියනවා.

මේකට නිකන් SIM දාන්න බෑ කියලා ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ… දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක කියන්නම්කෝ…. :) අහල ඇතිනේ MICRO SIM කියලා ජාතියක්..!!! අන්න ඒවා තමා iPad 2 එකට දාන්නෙ.ඔය SIM දාන තැන තියෙන්නේ iPad 2 එකෙ දකුණු පැත්තෙ…

පහළ 30-pin dock connector( ඒ කියන්නෙ ආරෝපන කම්බිය සම්බන්ධ කරන තැන), ඉහළ On/Off Switch එක සහ 3.5mm headphone jack එක තියනවා..

ඔයාලට මේක මිලදී ගන්නවනම් පාට දෙකකින් ගන්න පුලුවන්.. ඒ සුදුයි කළුයි…වැඩි දෙනෙක් ඉතින් iPad 2 එකක් ගන්නෙ වියාපාරික කටයුතු සදහා තමයි. smilies

1GHz dual core chip එකක් තමා මෙහි සකසනය (processor) වශයෙන් තියෙන්නෙ.එය A5 ලෙස හදුන්වනවා,කලින් තිබුන එක A4.512MB RAM එකක් තියන නිසා පොඩ්ඩක්වත් stuck වෙන්නෙ නෑ කියලා නිශ්පාදකයො නම් කියනවා. smilies WiFi (802.11a/b/g/n),3G හො AT&T / GSM,Bluetooth 2.1+EDR,ආලෝක සන්වේදක,ඇක්සලරෝමීටරය(accelerometer),three-axis gyroscope වැනි නවීන පන්නයේ පහසුම් මෙහි අන්තර්ගතය.(සමහර ඒවා මන්වත් අහල නෑ :D )

Apple සමාගමට පාරිබෝගිකයන්ගෙන් එල්ල වන ප්‍රධානතම චෝධනාව තමයි ඔවුන්ගේ නිශ්පාදන වල battery ආයු කාලය ඉතාම මද බවය.එයට කදිම පිලියමක් ලෙස ඔවුන් මෙම iPad 2උපකරණය නිපදවා ඇති බව කිව හැකි.මන්ද මෙම උපකරණයේ battery ආයු කාලය Apple සාමාගම විසින් නිපදවන ලද ඉහලම battery ආයු කලයක් සහිත උපකරනය බවට පත්වීමයි.එපමණක් නොව එය අනික් සමාගම් වල වාර්තා ද අහිබවා යාමට සමත්ව ඇත.පැය 10කට වඩා වැඩි කාලයක් HQ Videos නැරබීමේ හැකියාවද මෙම උපකරණය සතුය.

කැමරාව නම් එතරම් සතුටු දායක මට්ටමක නෑ.iPod උපකරණයේ තිබෙන HD කාචයම(single megapixel shooter) මේ සදහා ද යොදාගෙන ඇත.ඉදිරි පසත් VGA කැමරාවක් තමා තියෙන්නේ..ඒ කියන්නේ එච්චර හොද එකක් නෙමෙ.. කොහොමත් ඉතින් කවුරුත් iPad 2 එකකින් ඡායාරුප ගන්නෑනේ.. එක හින්ද මම නම් හිතන්නෙ කැමරාව ඔය ඇති කියලා… ;)

iPad 2 සදහා Apple ආයතනය විසින් අළුතින්ම හදුන්වා දෙන ලද ios 4.3 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇත.මෙම මෙහෙයුම් පද්ධතිය මගින් අන්තර්ජාල වේගය වැඩි කර දීමට සමත්ව ඇත.(තව තව වැඩ කෑලි ගොඩකුත් මේ ios 4.3 තියනවා කියලා තම කට්ටිය කියන්නෙ) smilies

ඔයාලත් iPad 2 එකක් ගත්තොත් මෙන්න මේවගෙ Cover එකකුත් හම්බවෙයි..!!! :D

iPod 2 ගැන තව කියන්න දේවල්නම් ගොඩක් තියනවා…. ඒත් දැන් ඇති වගේ..

මම ඔයාලට තව තව gadgets ගැන කියල දෙන්නම්කෝ…….smiliessmilies