අලුතෙන් ආපු Windows 8 වලට මාරු වෙනවද?
- By Chanaka
- 14 ජනවාරි, 2013
- 8 Comments

මෙපමණ කාලයක් අපි Microsoft Windows යැයි සිතූ විට මතක් වෙන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අලුතෙන්ම කරලියට ආව OS එක තමා Windows 8. ඔයාල හැමෝම දන්නව ඇති Microsoft සමාගමේ මේ දැවැන්ත වෙනසට මූලික හේතුව උනේ එයාලට Mobile OS වෙලදපොළේ තියන කොටස බොහොම පොඩි එකක් වීමයි. ඉතින් කෝකටත් තෛයිලය වශයෙන් Windows 8 කරලියට ආව.
මං නම් ඉතින් Windows 8 නම ඇහුන දවසේ ඉදන් ඕක පාවිච්චි කරන්න තමයි ආසාවෙන් හිටියේ. මුලිම්ම Consumer Preview එක දාල බැලුව. ඊට පස්සේ Release Preview එකත් දැම්ම. අන්තිමට ඔක්තෝබර් 30 Windows 8 PRO වෙලදපොලට ආව ගමන්ම ඒකත් අරගෙන දා ගත්ත. ඇත්තට අපි ඔක්කම Windows 8 වලට මාරු වෙන එක හොදයිද?
ඒක ඉතින් පාවිච්චි කරන්නෙ Phone එකද්ද, Tab එකද්ද, Laptop එකද්ද එහෙමත් නැත්නම් ගෙදර පරිගනකයද [PC] කියන එක මත තමා රදා පවතින්නේ.
Windows 8 වලට බොහොම හොද ආගතයක් තියනව කියන එකනම් කැමති අකමැති හැමෝම කියන කතාවක්. එත් ඒ PC වලද කියන එක ප්‍රශ්නයක්.
Mobile OS එකක් විදියට Windows 8 වලට තව දියුණු වෙන්න බොහෝ තැන් තියෙනව [Windows Market-Place එහෙම එච්චරම සම්පූර්න නෑ][** මොනව කීවත් මං ගාව Windows 8 Tab එකක්වත්, Phone එකක්වත් නෑ
]. ඒ උනාට පාවිච්චියට බොහොම පහසු බවනම් හොදටම විෂ්වාශයි. ඒ නිසා Microsoft සමාගමේ Mobile OS වෙලදපොලට නැවතත් අවතීර්න් වීමේ උත්සහය මල්පල් ගැන්වෙමින් පවතිනව කියල බය නැතුව කියන්න පුලුවන්.
එතකොට Laptop එකයි PC එකයි? ඒක ගැනනම් එච්චරම සුබ ප්‍රතිචාරයක් හම්බවෙන්නේ නැති වෙයි. සාමාන්‍ය භාවිතයේ තියන Laptop එකකටනම් Windows 8 කිසිම අව්ලක් නෑ. හැබැයි PC වගේ හැම කුනු ගොඩක්ම කරන එකක්නම් දෙපාරක් හිතන්න වෙනව Windows 8 දාන්න කලින්.
හැමදාම වගේ Microsoft සමාගම නිකුත් කරපු මේ නව මෙහෙයුම් පද්දතියේත් Drivers ගැටලුවක් නම් නෑ. සියළුම ප්‍රධාන නිපයිම්කරුවන් තමාගේ Hardware වලට අදාල Drivers මේ වෙනකොට බාගතකරගැනීමට ඉඩ සලසල තියනවා. ඒ වගේම අලුතෙන් ආව Metro Start එකට හුරු වෙන්න පොඩි කාලයක් යන්න පුළුවන්. ඒ උන්නට ඒ අදහසනම් ඉතාමත් කදිමයි, මං ඊලගට කියන වැරැද්ද නැතනම්.
වැරැද්ද? ඔව්, ඒකෙ තියන පොඩි අවුලක් නිසා PC එකට ගැලපෙන් නැතුව යනව [මගේ මතයට අනුව]. ඒක තමා Desktop එකෙයි Metro Start එකෙයි සම්බන්දය නැතිවෙලා තියන එක. ඒ කියන්නේ අපි Windows Market-Place එකන් බාගතකරන Apps ඔක්කම Metro Start එකේ වැඩ කරනව වගේම Desktop එකත් ඒකෙ App එකක් වගෙ තමා හැසිරෙන්නේ. උදාහරනයක් ගත්තොත් Windows Media Player එකෙයි Music App එකෙයි දෙකේම වෙන වෙනම අපිට එක පාර සිංදු දාන්න පුළුවන්, ඒ දෙකම එකක් විදියට වැඩ කළ යුතුව තිබුනාට. මේ වගේ ගොඩක් දේවල් තියනව Desktop එකෙයි Metro Start එකෙයි දුරස්ත බව පෙන්නන. ඒවා නිසා Windows 8 එක්ක වැඩ කරන ඒක එච්චරම ලේසි නෑ.
මං ඉතින් මොනව කීවත්, තීරනය ඔයාලගෙ අතේ. ඒ වගේම මං ඔයාල හැමෝටම කියනව කොහොම හරි Windows 8 අත්දකින්නත් ඕනෙ කියල. මොකද ඒක බොහොම නවම අත්දැකීමක් වෙන නිසා!
Latest posts by Chanaka (see all)
- ලාරාගේ කතාව මුලසිට : Tomb Raider - 17 අප්‍රේල්, 2013
- ඇස පෙනුනත් පළදින්න, Google Glass - 25 පෙබරවාරි, 2013
- සමාජ ජාල ලෝකයේ සැබෑ වෙනස : Socl - 6 පෙබරවාරි, 2013


මම දැන් මාස කීපයකට කලිං ෆෙඩෝරා යූස් කලා…ඒකෙත් ඔය කියන අර අයිකන් ගොඩක් ඩෙක්්සටප් එක මැද තියෙන ලයින් එක තිබුනා…
මිනිස්සු ලිනක්ස් වලට හුරුරවෙනවා නං ඒක බජට් එකට හොදයි..නමුත් ගොඩක් අය ඒකට ආස නැහැ නිකං දෙන නිසා..මිනිස්සු අවිඥානිකවම ලාබ බඩුවේ හිලක් කියලා හිතං ඉන්නවා…
ඒකට හේතු ගොඩක් තියනව මගේ හිතේ. ලිනක්ස් වලට ගොඩක්ම යොමු වෙන්නේ Software Developersල වගේ අය, මොකද ඒකෙදි එයාලට iOS වගෙම පහසුකම් සලසන නිසා. ඒත් සාමන්‍ය පරිගනක භාවිතා කරන කෙනෙක්ට එච්චරම හොද පහසුකම් ලිනක්ස් ලබාදෙන් නෑ. උදාහරණයක් ගත්තොත් පරිගනක ක්‍රීඩාවක යෙදෙන්නවත් ඉඩ ලාබාදන්නේ බොහොම අඩුවෙන් නිසා ඉතින් කට්ටිය තමන් කරන වැඩේට ගොඩක් වද දෙන් නැති දේ තමා තෝර ගන්නේ!
හොද සරල පැහැදිලි කිරීමක් !
:-)
මෙම බ්ලොග් එක සදහා ඔබව සාදරයෙන් පිලිගනිමු.!!
බොහොම ස්තූතී
හොඳ ආරම්භයක් කොල්ල.. දිගටම කරගෙන යමු…
බොහොම ස්තූතී
ඊලග එක කොහොමද?