අප්‍රසිද්ධ Spec Ops: The Line

spec-ops-the-line-wallpaper

ඔබ කාලසටහනේ කොටසක් පරිගණක ක්‍රීඩා වල යෙදීමට වෙන් කර ඇති කෙනෙක් නම්, එසේත් නැත්නම් පරිගණක ක්‍රීඩාවල සාමන්‍යයෙන් යෙදන කෙනෙක් නම් Call of Duty පරිගනක ක්‍රීඩා මාලාවේ එක් හෝ ක්‍රීඩවක යෙදී ඇති බව නිසැකය. ඔබ එසේ ක්‍රීඩා කලේ Call of Duty : Modern Warfare 2 නම් ඔබට හොදින්ම මතක ඇති ක්‍රීඩාවේ මැද භාගයේදී “මෙම mission එක ඔබේ සිත කම්පා කරනු ඇත. එය මග හැරිමට ඔබට අවස්ථාව ඇත” යැයි පණිවිඩයක් පැමිණෙනවා. ඔබත් මා වැනිම එම mission එකේ යෙදුනේ නම් එය කෙතරම් අධම ලෙස හැගී යන්නේ දැයි මතක ඇති. එහි ඇත්තේ ත්‍රස්තවාදි පිලේ සාමාජිකයෙකු ලෙස ගුවන් තොටුපළකට ඇතුලු වී එහි සිටින සාමාන්‍ය ජනතාව මරා දැමීමයි. මෙය එතරම් දරුණු ලෙස පෙනී නොගියද එම mission එක ගැසීමෙන් අනතුරුව ඔබට ඇතිවන වැරදිකාරී හැගීම අතිමහත්ය. එසේනම් එම mission එක වැනි සම්පූර්ණ ප්‍රරිගණක ක්‍රීඩාවක යෙදීමට ඔබට අවස්ථාව ලැබුනොත් කුමක් කරන්නේද? Spec Ops: The Line යනු එවැනි ක්‍රීඩාවකි.

Spec_Ops_The_Line_1

හැමවිටම විශාල ලේ වැගිරීමක් වන පරිගණක ක්‍රීඩා වලට අප මෙපමණ ප්‍රිය කරන්නේ ඇයි? එයට ප්‍රධානම හේතුව එම ක්‍රීඩා අපට වීරයා යැයි හැගීමක් ලබා දීමයි. එහෙත් මම ඉහත සදහන් කළ  mission එක වැනි අවස්ථාවලදී අපට වැරදිකාරී හැගීම් ඇතිවීම නිසැකය. Spec Ops: The Line ක්‍රීඩාවේ යෙදීම මුල සිට අගටම එසේය. ඔබ ලබා ගන්නා තීරණ වලින් ලෝකය තව තවත් අපායට ඇද වැටෙන ආකාරය බලා සිටිම ඉතාමත් අපහසුය. එහෙත් අප කැමති වුවත් නැතත් යුද්ධය අවසානයේ අපට ලැබෙන්නේ තව තවත් අපායකට සම වන ලෝකයක් පමණයි. මෙම සත්‍යය පරිගණක ක්‍රීඩකයාට ගෙන ඒමට මෙම ක්‍රීඩාව මනාව කටයුතු කරයි.

SOTL-PAX-Screenshots-2

දූලි කුණාටු වලින් බහුල ඩුබායි නගරයට මෙම ක්‍රීඩාවේ ආරම්භයේදී ගොඩ බහින අතර ඔබට හොදින්ම පෙනී යන්නේ ඩුබායි නගරය නටඹුම් වෙමින් පවතින බවයි. එය යුද්ධයෙන් හොදටම බැට කෑ නගරයක් වී ඇත. ඇමරිකානු සොල්දාදු කණ්ඩායමක [පිරිස 3න් දෙනයි] නායකයා වන ඔබගේ පරමාර්ථය එහි අතරමන් වී සිටින සොල්දාදුවන් කණ්ඩායමක පිහිටට යාමයි. සුපුරුදු පරිදි ඔබගේ පරම පරමාර්ථය නිසිලෙස ඉටු නොවන අතර අවසානයේ ඔබ කිසිසේත්ම නොසිතූ සිද්ධි දාමයකට මුහුන දෙනු ඇත. එහිදී සිදුවන මිනිස් ලේ වැගිරීම් වල වරද ඔබ සතුබව හෘද සාක්ෂියට හැගෙන අතර එම වැරැද්දේ බරද සිතේ තබාගෙන ඉදිරියට ඇදෙන ඔබට ලැබෙන සැනසීමක්ද නොමැත. ඉතා කෙළිලොල් ලෙස විහිලු තහලු කරමින් සිටින අපගේ සගයන් දෙදෙනා ඉතාමත් සිතගනාසුලු අතර අපගේ වැරදිකාරි හැගීමට ප්‍රධානම හේතුවක වන්නේද ඔවුන් පසුව පවසන හා හැසිරෙන ආකාරයයි. [ඔවුන් ඔබගේ වැරැද්දේ බරපතලකම මනාව පෙන්නුම් කරයි]

6

මෙම හිසරදයක් වැනි ක්‍රීඩාවේ යෙදෙන්නේ මන්ද? එය ඔබට මෙම ලොව සිදුවන ‘වීරයා මමයි’ යුද පන්තියේ යථාර්ථය ආසන්‍යයට පැමිණීමට යන්තමින් අවස්ථාව සලසනු ඇත. එය හිසරදයක් වුවද එහි යෙදීම යෝග්‍ය යැයි මම පවසන්නේ එබැවිනි.

ලැජ්ජා සහගතලෙස Gamespot යන සුප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා සමාලෝචන සහ ප්‍රවෘති වෙබ් අඩවිය Spec Ops: The Line සදහා 10න් 6.5ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයක් දීමට එක් සාධකයක් ලෙස ඔවුන්ගේ සමාලෝචනයේ සඳහන්ව තිබෙන්නේ මෙම ක්‍රීඩාවේ යෙදීමේදී ඇතිවන අපහසුකාරී හැගීමයි. එය එසේ පැවතීමට හේතුව තේරුම් ගන්නා ඕනැම කෙනෙක්ට එය මෙම ක්‍රීඩාව බාල්දු කිරීමට හේතුවක් නොවන බව පෙනී යනු නොඅනුමානය. [ඔවුන් මෙය පහත් කිරීමට තවත් හේතුවක් ලෙස පවසන්නේ වන්නේ එහි ඇති graphics වල අඩුවක් සහ චරිතවල හැසිරීමේ තිබෙන glitches ය. ඔව් මෙම game එකේ අනිකුත් සුවිසල් ක්‍රීඩාවල මෙන් මනබදින graphics අඩු බව සත්‍යය. එහෙත් ඔබට එය කරදරක් නොවනු ඇති බව මට සහතික කළ හැකිය]

ඔබ මා මෙලෙස පැවසූ කරුණු වලට කැමතිනම සහ පහත සදහන් ආකාරයේ පරිගණකයක් [තොරතුරු GameInfoCenter හරහා] ඔබටත් හිමිනම් මෙම ක්‍රීඩාවේ යෙදෙනලෙස ආරාධනා කිරීමට මම කැමතිය.

පරිගණකයේ අවම සුදුසුකම් :

OS: Windows XP SP3
Processor: Intel Core 2 Duo @ 2Ghz / AMD Athlon 64 X2 equivalent
Memory: 2 GB RAM
Hard Disk Space: 6 GB free
Video Card: NVIDIA GeForce 8600 / ATI Radeon HD 2600XT (256 MB memory)
DirectX®: 9.0
Sound: DirectX Compatible

පරිගණකයේ උපරිම සුදුසුකම් :

OS: Windows Vista/7
Processor: 2.4 GHz Quad Core processor
Memory: 3 GB RAM
Hard Disk Space: 10 GB free
Video Card: NVIDIA GeForce 9800 GTX/ATI Radeon HD 4850 (512+ MB memory)
DirectX®: 9.0
Sound: DirectX Compatible

PS: මමත් මේ ක්‍රීඩාවෙන් අනතුරුව එය පිළිකුල් කල අතර එයට අඩු ලකුණු [Rating Score] ප්‍රමාණයක්ද ලබා දුන්නේය. එහෙත් මම එක්තරා ලිපියක් කියවීමෙන් මගේ අදහස සම්පූරණයෙන්ම වෙනස කල අතර මෙහි නිශ්පාදක 2K Games ආයතනය මෙම ක්‍රීඩාව සෑදීමට කැපකල මුදල සහ එහි අඩංගු වෙනස්, මිනිසුන්ගේ පිළිකුලට ලක්විය හැකි කතාව වැනි කරුණු වලදී ඔවු ගත් අවදානම යන සියල්ල සලකා බලා මම මගේ rating score එක 10/10 දක්වා ඉහල දැමුවෙය. මෙම ලිපියේ සදහන් හැගීම සහ කරුණු කිහිපයක්ම මම ඉහත සදහන් කල ලිපියෙන් ඇති වූ සහ අඩංගු වූ ඒවා වන අතර මම ඔබගෙනුත් ඉල්ලා සිටින්නේ එම ලිපියද කියවන ලෙසය.

6 Comments

Leave a Reply