වීඩියෝ ක්‍රීඩා ලෝකයේ රජදැක්ම E3

E3-2013-E3-2013-Is-Whats-Next-NowThe Electronic Entertainment Expo හෝ අපි බොහෝදෙනා පොදුවේ හදුන්වන E3 යනු සෑම වර්ෂයකම වීඩියෝ ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලාසිටිනා ප්‍රදර්ශනයකි. එහෙත් මෙය පොදුජනයට සහභාගී විය හැකි ප්‍රදර්ශනයක් නොවේ. මෙය වීඩියෝ ක්‍රීඩා ලෝකයේ ප්‍රභලයන් එක්වී ඉදිරිපත් කරන අතර එයට සහභාගී වන්නේද එම ක්ෂේත්‍රයට අදාළ මධ්‍යවේදීන්, වීඩියෝ ක්‍රීඩා developersලා සහ වෙනත් අදාල පුද්ගලයන් පමණි. එහෙත් එහි මුලික පරමාර්ථය නම් ඔවුන්ගේ නවතම නිෂ්පාදන සදහා ජනතාවගේ උනන්දුව ඉහලනන්වා ගැනීමයි. එම නිසාම මෙම  ප්‍රදර්ශනයේ සෑම මොහොතක්ම අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කරනු ලබයි. එහිදී මුලිකත්වය දරන්නේ GameSpot සහ IGN යන ප්‍රසිද්ධ වෙබ් අඩවි ද්විත්වයයි. සැමදාම සේම මෙවරද මෙය පැවැත්වුයේ ලොස් ඇන්ජලිස් නුවර “ලොස් ඇන්ජලිස් සම්මන්ත්‍රණ ශාලාවේයි”. එහෙත් මිට පෙර දෙවරක් E3 ප්‍රදර්ශනය වෙනත් ප්‍රදේශ දෙකක පවත්වා ඇත.

මෙවර මෙම ප්‍රදර්ශනය ජුනි මස 11ස් වනදා සිට 13න් වනදා දක්වා පැවැත්විය. මෙම වසරේ සියලුදෙනාගේම අවධානය යොමුවූ මුලික කරුණනම් වීඩියෝ ක්‍රීඩා Console වල නවම පරපුරේ ආරම්භය සනිටුහන්විමයි. එනම් Sony සමාගමේ නවතම console එක වන PlaySatation4 සහ Microsoft  සමාගමේ නවතම console එක වන XboxONE පුර්නවශයෙන් ජනතාවට නිරාවරණය කිරීමයි. මෙම යන්ත්‍ර ද්විත්වයම මම වසර අවසානයේ වෙළදපොලට නිකුත්වීමට නියමිතව ඇත.

DSC00659_19037_screen

Xbox vs PlayStation

DSC00453_57101_screen

PlayStation booth

DSC00446_74940_screen

Xbox Booth

මෙය අතරම සුපුරුදුපරිදි ප්‍රදර්ශනයේ මුල්තැනක් ගැනීමට වීඩියෝ ක්‍රීඩා සමත්විය. මෙහිදී මගේ හිත ඇදීගිය වීඩියෝ ක්‍රීඩා කිහිපයක් වන්නේ;

[ඉහත සබැදුම් හරහා ඔබට එම වීඩියෝ ක්‍රීඩාවල නවතම Gameplay සහ Trailers Youtube ඔස්සේ නැරඹිය හැකිය]

DSC00297_03725_screen

Los Angeles Convention Center

මෙයට අමතරව බොහෝමයක් වීඩියෝ ක්‍රීඩා මෙම දින 3 ඇතුලත හදුනවා දුන් අතර ඔබට GameSpot, IGN හෝ E3-Official වෙබ් අඩවි වලින් මෙම ක්‍රීඩා මෙන්ම E3 පිළිබද සියලුම විස්තර ලබාගත් හැක.

2014 වසරේ E3 ප්‍රදර්ශනය ජුනි 10 සිට 12 දක්වා සුපුරුදු ස්ථානයේදීම පැවැත්වෙන බව මේ වන විටත් තීරණය කර ඇත. ඔබත් ලබන වසරේදී නොවරදවාම මෙම තාක්ෂණික ප්‍රදර්ශනයේ අසිරිය සජීවීව අත්විදිනලෙස ආරාධනාකර සිටින්නෙමි.

E32014_37675_screen

Goodbye poster

PS : ජායාරූප අනුග්‍රහය GameSpot

4 Comments

Leave a Reply